2021.02.04
ශ්‍රී ලංකා මාතෘ භූමියේ 73 වන නිදහස් දිනය අප මේ මොහොතේ අභිමානයෙන් හා මහත් දේශප්‍රේමිත්වයෙන් යුතුව සිහිපත් කරන්නෙමු. එනමුත්, ලංකාව ඇතුළුව ලෝකයේ සියලුම රටවල්වලට මහත් අභියෝගයක් ලෙස ඇත්තා වූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස් වසංගතය හමුවේ 73 වන නිදහස් දිනය සිහිපත් කරන අප සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මහත් වගකීමෙන් යුතුව මෙම දිනය සිහිපත් කිරීම අවශ්‍ය වන්නේය.
වාර්ෂිකව අප සමරන්නා වූ නිදහස් දිනය අතීත සිදුවීම් මාලාවන් රැසක් අපගේ දෑස් ඉදිරිපිට ගෙන ආවද කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වර්ෂයන්හි මෙන් මෙවසර තුළ අපට සැමරීමට නොහැකි වී තිබෙන්නේය.
දේශයේ නිදහස වෙනුවෙන් අප මුතුන්මිත්තන් ජාති හා ආගම් භේදයකින් තොරව තම දිවි පරදුවට තබමින් වෙහෙස වූහ. සියලු භේදයන් පසෙකලා නිදහස ලබා එම නිදහසට අනුව එක්සත්ව හා එක්සිත්ව ජීවත් වීමම ඔවුන්ගේ එකම බලාපොරොත්තුව හා අභිලාෂය විය. එමනිසා, සෑම සමාජයක්ම තමතමන්ගේ අයිතිවාසිකම් ලබාගනිමින් රටේ උන්නතිය වෙනුවෙන් කැපවූහ.
ජාති, ආගම් භේදයන් පසෙක තබා සිංහල, දෙමළ, මුස්ලිම් හා ක්‍රිස්තියානි සමාජයන්හි නායකයින් එකමුතුව බිහි කළ මෙම නිදහස්, ස්වෛරී දේශය තුළ ප්‍රචණ්ඩත්වය හා ජාතිවාදී හිංසාවන් සිදුවීම මෙරට කිසිම පුරවැසියෙකු පිළිගන්නේ නැති අතර එය අනුමත කරන්නේද නැත.අප ලබාගත් නිදහසේ අරුත යථාර්ථයක් බවට පත් කිරීම සඳහා මේ රටේ පුරවැසියන් වශයෙන් අප එක්සත්ව හා අවබෝධයෙන් යුතුව රටේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට දායක විය යුතුය.
අප මව්බිම තුළ සියලු ජනසමාජයන් සමගියෙන් ජීවත්වීමටත් රට තුළ අභිවෘද්ධිය ඇතිවීමටත් සියලු සම්පත් ලබාගනිමින් නිදහස් නිවහල් දේශයක් ලෙස ලෝතලය තුළ ලංකාව බැබලීමටත් කොරෝනා වසංගතයේ අභියෝගයෙන් මිදීමටත් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ප්‍රාර්ථනා කරන්නේය.
අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්
(වැඩබලන) මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව



