සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු විධායක කමිටු විද්වතුන්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් තුමිය සමග සුහද හමුවක්

2025.01.27 දින, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු විධායක කමිටු විද්වතුන් හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගරු සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සමග සිය අමාත්‍යංශ කාර්යාලයේදී විශේෂ හමුවක් පවත්වන ලදී.

මෙහිදී අප සභාවේ ආරම්භය පටන් හැඳින්වීමක් හා වර්තමානයේ අප විසින් සිදු කරමින් සිටින සමාජ සත්කාරයන් පිළිබඳව පැහැදීමක් සිදු කෙරුණු අතර, සෑම ශ්‍රී ලාංකිකයෙකුට ම සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට අප සභාව සෑම විටම මාර්ගෝපදේශ සපයන බව පැහැදිලි කරන ලදී.

එමෙන්ම කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් අප සභාව විසින් සිදුකරනු ලබන වැඩකටයුතු සහ මුලපිරීම් සම්බන්ධයෙන් විධායක කමිටු සාමාජිකයින් සභාවේදී පැහැදිලි කරන ලදී.

පසුව ගරු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මැතිනිය විසින් මෙරට කාන්තාවන් සහ ළමුන් මුහුණ දෙන අභියෝග පිළිබඳව කරුණු දැක්වූවාය.

ඉන් අනතුරුව කාන්තාවන් සහ ළමුන් සම්බන්ධයෙන් රජය ගෙන එන සෞඛ්‍ය සම්පන්න නීති සඳහා අප සභාව සැමවිටම සහාය දෙන බව අවධාරණය කළහ.

හමුව අවසානයේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තනය සහ තවත් ප්‍රකාශන කිහිපයක් ද පිළිගන්වන ලදී.

මෙම සාකච්ඡාවට අප සභාවේ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා, සහයෝගිතා සහ සම්බන්ධීකරණ කමිටුවේ ලේකම් අෂ්-ෂෙයික් එම්. ෆාසිල් ෆාරූක් තුමා සහ එම කමිටුවේ නියෝජ්‍ය ලේකම් අෂ්-ෂෙයික් එම්.එම්. මුර්ෂිද් මුලෆ්ෆර් තුමා හා ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරි අෂ්-ෂෙයික් ටී. නුමාන් ඔමාර් තුමා යන විද්වතුන් සහභාගී වූහ.

 

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *