හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ

2024 ඔක්තෝබර් 22 වන දින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි ජන බලවේගය පක්ෂයේ මහමැතිවරණ අපේක්ෂක ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක කමිටු සාමාජිකයින් බැහැදැකීමට අප ප්‍රධාන කාර්යාලයට පැමිණ සිටියහ.

මෙම හමුව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ඉල්ලීමක් මත සැලසුම් කරන ලද අතර මෙහිදී, අප මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා විසින් අපගේ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ හැදින්වීමක් සිදු කරමින්, අප සභාව ආගමික ආයතනයක් වශයෙන් දේශපාලන පක්ෂවලින් ස්වාධීන වූ සමස්ත ශ්‍රී ලාංකිකයින්ට සමගිය සහජීවනය බලගන්වමින් ජීවත් වීමට මගපෙන්වන බව පවසන ලදී.

ඉන් අනතුරුව, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තම පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති සහ තම ඉදිරි සැලසුම් පිළිබඳව කෙටි හැදින්වීමක් සිදු කළේය.

හමුව අවසානයේ, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අප සභාවෙන් එළිදක්වන ලද අල්-කුර්ආන් අර්ථ සංග්‍රහයක් සහ අනෙකුත් ප්‍රකාශන කිහිපයක්ද පිළිගන්වන ලදී.

අප සභාව නියෝජනය කරමින්, වැඩබලන සභාපති, උප සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික සහ විධායක කමිටු සාමාජිකයින් කිහිප දෙනෙකු මෙම හමුවට සහභාගී වී සිටියහ.

 

 

– ACJU Media –

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *