ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශයන්හි සිදුකළ සංචාරය සම්බන්ධයෙනි

2021.11.17 | 1443.04.11

පසුගිය 2021.11.15 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ උප සභාපතිවරයෙකු වූ අෂ්-ෂේක් එච්. උමර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වූ ජම්ඉයියා ශාඛාවේ ඉස්ලාම් ආගමික විද්වතුන් පිරිසක් පුත්තලම ප්‍රදේශයේ ගංවතුරින් පීඩාවට පත් ප්‍රදේශයන්හි සංචාරයක නිරත වූහ.

මෙහිදී මෙම කණ්ඩායම ජම්ඉයියා ශාඛාවේ පරිපාලන සාමාජිකයන් සහ ස්වේච්ඡා සංවිධානවල සාමාජිකයින් හමුවී ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.

ගංවතුරෙන් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන සිය ගණනකට දැඩි හානි සිදුව ඇති අතර, එමගින් ජනතාවගේ ජීවනෝපාය මාර්ගවලට ද බලපෑම් එල්ල වී තිබේ.

එබැවින් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සහ ඔවුන්ගේ මෙම තත්වය යථාවත් කිරීමට ඉදිරිපත් වන ලෙස ජම්ඉයියා සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සර්වබලධාරී අල්ලාහ් මෙම සියලු පීඩාවලින් ජනතාව ආරක්ෂා කර නිරෝගී සහ සමෘද්ධිමත් ජීවිතයක් ලබාදෙත්වා

මාධ්‍ය අංශය
සමස්ත ලංකා ජමියතුල් උලමා

 

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *