මුස්ලිම් ඒඩ් එක්සත් රාජධානි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී සහෝදර කාෂිෆ් ෂාබිර් සමග වූ සුහද හමුව

2021.12.02 (1443.04.26)

මුස්ලිම් ඒඩ් එක්සත් රාජධානි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී සහෝදර කාෂිෆ් ෂාබිර් ඊයේ (2021.12.02) සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මූලස්ථානයේ සුහද සංචාරයක නිරත විය. මෙම හමුවේදී මුස්ලිම් ඒඩ් සහ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අතර වූ සහයෝගීතාවය මෙන්ම රට තුළ මානුෂීය ආධාර සහ සහජීවනය ගොඩනැගීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට මුස්ලිම් ඒඩ් එක්සත් රාජධානි ශාඛාවේ ප්‍රධාන විධායක නිලධාරී සහෝදර කාෂිෆ් ෂාබිර් සමග ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂක සහෝදර ෆයිසර් ඛාන් සහ මුස්ලිම් ඒඩ් වෙනුවෙන් වූ අනෙකුත් නිලධාරීන්ද සහභාගී විය. සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව වෙනුවෙන් එහි ප්‍රධාන ලේකම් අෂ්-ෂේක් අර්කම් නූරාමිත්, භාණ්ඩාගාරික අෂ්-ෂේක් ඒ.එල්.එම් කලීල්, සහකාර භාණ්ඩාගාරික ආචාර්ය අෂ්-ෂේක් අස්වර් අස්හරි, අෂ්-ෂේක් ෆර්හාන්, අෂ්-ෂේක් ෆවාස්, අෂ්-ෂේක් සල්මාන් සහ අෂ්-ෂේක් ෆහද් යන පිරිසද සහභාගී විය.

මාධ්‍ය අංශය

 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *