මෑතකදී මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබූ ගරු ඊබ්‍රාහිම් අන්සාර් මහතා සමග වූ සුහද හමුව

2021.11.17 / 1443.04.11

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ආරාධනයෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ගරු ඊබ්‍රාහිම් අන්සාර් මහතා ඊයේ (2021.11.16) දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මූලස්ථානයේ සුහද සංචාරයක නිරත විය.

මෙම හමුවේදී මුස්ලිම් ප්‍රජාව මුහුණ දී සිටින සමකාලීන අභියෝග සහ රට තුළ සාමුහික එකමුතුභාවය සහ සහජීවනය ගොඩනැගීම සඳහා වූ ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂක ගරු ඊබ්‍රහිම් අන්සාර් මහතා, සහකාර අධ්‍යක්ෂකවරුන් වන අෂ්-ෂේක් අන්වර් අලි, අෂ්-ෂේක් අලා අහමඩ් ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් සහභාගි වූහ. ජම්ඉයියාව නියෝජනය කරමින් එහි පොදු ලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නුරාමිත්, උප සභාපති අෂ්-ෂේක් එස්.එච් ආදම් බාවා, සහකාර ලේකම්වරුන් වන අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසිම් සහ එම්.එම්.එම්. මුර්ෂිද්, සමාජ සේවා අංශයේ ලේකම් අෂ්-ෂේක් කේ.එම්. මුක්සිත් අහමද් සහ විධායක කමිටු සාමාජික අෂ්-ෂේක් ඒ.සී.එම්. ෆාසිල් යනාදීන් සහභාගී විය.

මාධ්‍ය අංශය

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *