ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි මහනායක හිමියන් සමග වූවා වූ සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ හමුව

2021.08.12

ශ්‍රී ලංකාවේ අමරපුර නිකායේ මහා නාහිමියන් ලෙස වැඩ සිටි කොඩුගොඩ ධම්මාවාස මහා නාහිමියන්ගේ අපවත්වීමෙන් පසු අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ මහා නායක, කලපළුවාව ගෝතම තපෝවනය ප්‍රධාන තදනුබද්ද ආයතනය සමූහයේ විහාරාධිපති, අමරපුර කළ්‍යාණිවංශ පාර්ශවයේ මහනායක, කළ්‍යාණිවංශ කීර්ති ශ්‍රී විපස්සනා කම්මට්ඨානාචාර්ය, වංගීසවංසාලංකාර, අග්ගමහා පණ්ඩිත අති ගෞරවනීය දොඩම්පහළ ශ්‍රී චන්ද්‍රසිරි අභිධාන මහනායක මාහිමිපාණන් වහන්සේ පසුගිය මස ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට පත්වූ සේක.

මෙම පත්වීම ශ්‍රී ලංකික බෞද්ධයන් හට වැදගත් පත්වීමක් ලෙස සැලකෙන හෙයින්, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ උප සභාපතිවරයෙකු වන අෂ්-ෂේක් එච්. උමර්දීන් තුමන්ගේ නායකත්වයෙන් යුතුව, සහකාර ලේකම් අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්, විධායක කමිටු සාමාජික අෂ්-ෂේක් එම්.එෆ්.එම්. ෆරූද්, නැගෙනහිර කොළඹ ශාඛාවේ භාණ්ඩාගාරික අෂ්-ෂේක් ෆිර්දව්ස් තුමන් සහ ඉස්ලාම් ආගමික විද්වතුන් කණ්ඩායමක් 2021.08.11 දින රාජගිරියෙහි පිහිටි විහාරස්ථානයේදී උන් වහන්සේ බැහැ දැක උන් වහන්සේ හට සුභපැතුම් පිරිනැමූහ.

මෙම හමුවේදී රටේ සමාජ සහජීවනය සහ එක්සේසත්භාවය ගොඩනැගීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබීම විශේෂත්වයකි.

මාධ්‍ය අංශය
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *