බොදු බල සේනා සංවිධානය මගින් එවන ලද ලිපිය සම්බන්ධයෙන් පැවති විශේෂ හමුව

2024.07.09 වන දින සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ නියෝජිතයින් සහ මුස්ලිම් සිවිල් සංවිධාන නියෝජිතයින්, නීති විශාරදයින්, දේශපාලඥයින්, වෘත්තිකයින් සහ ආගමික විද්වතුන් අතර විශේෂ හමුවක් දෙහිවල ජුම්මා පල්ලියේදී එහි භාරකාර මණ්ඩලයේද සහභාගීත්වයෙන් පැවැත්විණි.

සාමාන්‍යයෙන් මෙරට සමාජීය කරුණු සම්බන්ධයෙන් දෙමසකට වරක් හෝ හදිසි අවස්ථාවකදී අප සභාව, සිවිල් සංවිධාන හා වෘත්තිකයින් සමග පැවැත්වෙන රැස්වීමට අනුව මෙම රැස්වීම ද පවත්වන ලදී.

කොළඹ මහාධිකරණය මගින් වරදකරු කර වසර 4ක සිරදඬුවමට නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති විශේෂ සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් සහය වන ලෙස බොදු බල සේනා සංවිධානය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙන් ඉල්ලීමක් කර තිබුණි.

මෙම කරුණ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සමාජයේ ප්‍රමුඛ සිවිල් සංවිධානවලට සහ නඩුව ගොනු කිරීමට සම්බන්ධ අයට ආරාධනා කොට සාකච්ඡාවක් පවත්වන ලදී.

උක්ත කරුණ මහාධිකරණයට සෘජුවම සම්බන්ධ වූවක් හා සමස්ත මුස්ලිම් ප්‍රජාවට ම බලපෑ කරුණක් වූ හෙයින් සමස්ත මුස්ලිම් ප්‍රජාවගේ ම අදහස් අනුව ගත යුතු තීරණයක් මිස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවට හෝ මුස්ලිම් සිවිල් සංවිධානවලට හෝ දේශපාලන නායකයින්ට පමණක් මේ සම්බන්ධයෙන් කිසිඳු ස්ථාවරයක් ගත නොහැකි බව එම සාකච්ඡාවේදී ඒකමතික ව තීරණය විය.

– ACJU Media –

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *