සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය මුස්ලිම් ජනතාවගෙන් කරන ඉල්ලීම

15.03.2020 – 19.07.1441

සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය මුස්ලිම් ජනතාවගෙන් කරන ඉල්ලීම

කොරෝනා වෛරසයේ බලපෑම පාලනය කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය හා ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව “ජනතාව රැස්වන අවස්ථාවන් වැළැක්විය යුතුයි” යන තීරණය මත සියළුම ජුම්මා නැමදූම හා පස්වේල සාමූහික නැමදුම් ඇතුළු අනෙකුත් සියලුම රැස්වීම් ද වහා ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය රටේ මුස්ලිම් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

මෙවැනි අවස්ථාවන් වල ක්‍රියා කළ යුතු පිළිවෙල සම්බන්ධව රජයේ උපදෙස් හා සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයේ උපදෙස් අනුගමනය කරන ලෙසත් මෙය ක්‍රියාත්මක කිරීම සම්බන්ධව සියලු මස්ජිදයන්හි පරිපාලකයන් සහ මස්ජිද් සම්මේලනයන් දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටියි.

 

අෂ් ෂෙයික් එම්.එම්.ඒ. මුබාරක්
මහ ලේකම්
සමස්ථ ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *