පී.සී.ආර් (P.C.R) පරීක්ෂාව සම්බන්ධයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ මාර්ගෝපදේශය

12.12.2020

මේ වන විට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල සෞඛ්‍ය අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ පී.සී.ආර් (P.C.R) පරීක්ෂණ පවත්වනු ලැබේ. දැනටමත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කර කටයුතු කිරීම වෙනුවෙන් අපගේ ගෞරවනීය ස්තූතිය හා ප්‍රාර්ථනාවන් ඔබ සියලු දෙනා හට ලැබේවා යැයි අපේක්ෂා කරන්නෙමු. සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්පූර්ණයෙන් අනුගමනය කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් සමඟ පූර්ණ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් අපි නිහතමානීව මුස්ලිම් ප්‍රජාවෙන් ඉල්ලා සිටින්නෙමු.

විශේෂයෙන් පී.සී.ආර් (P.C.R) පරීක්ෂණ කුමන ප්‍රදේශයන්හි සිදු වන්නේද එය නිසියාකාරයෙන් සිදු කර ගන්නා ලෙසත් එමඟින් කොවිඞ් -19 නම් වූ මෙම මාරාන්තික වසංගතයේ අන්තරායන්ගෙන් අප සහ අන් සියල්ලගේ ආරක්ෂාව සහතික කරන මෙන්ද ඉල්ලා සිටිමු.

 

අෂ්-ෂේක් එම්.එස්.එම්. තාසීම්
මහලේකම් (වැඩබලන)
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සභාව

 
 
 
 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *