සේනපුර-වවුනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පැවති ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ සහජීවනය’ පිළිබඳ මාර්ගෝපදේශන වැඩසටහන

2025.07.08 දින, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ තරුණ කටයුතු කමිටුව සහ සාමූහික එකමුතුකම සහ සහජීවන කමිටුව එක්ව සංවිධානය කළ ‘සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ සහජීවනය’ යන මාතෘකාව යටතේ මාර්ගෝපදේශන වැඩසටහනක් සේනපුර-වවුනියා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන සඳහා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ තරුණ කටයුතු කමිටුවේ සම්පත්දායක අෂ්-ෂෙයික් සෆ්රුල්ලාහ් හා සහෝදර රම්සි මහතා සහභාගී විය.

පුනරුත්ථාපනය වන තරුණයන්ට අන්‍යෝන්‍ය අවබෝධය, ඔවුන් අතර ධනාත්මක චින්තනයක් සහ සාධාරණ සමාජයක් බිහි කිරීම වැනි අරමුණු මත මෙම වැඩසටහන සංවිධානය කිරීම විශේෂත්වයකි.

– ACJU Media –

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *