සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ඊද්-උල්-ෆිත්ර් සුභ පැතුම් පණිවිඩය – 2025

ACJU/NGS/2025/051
2025.03.31 (1446.10.01)

අභිවෘද්ධිමත් රමළාන් සමයේ උපවාසශීලයේ නියැලී, ශුද්ධ වූ අල්-කුර්ආනය පාරායනය කර, සන්ධ්‍යායාමයේ නැමදුම් නමස්කාරයන්හි නිරත වී, ගෙවී ගිය දින කිහිපය ප්‍රයෝජනවත් ලෙස ගත කිරීමෙන් අනතුරුව ඊද්-උල්-ෆිත්ර් උත්සවය සැමරීමේ අවස්ථාව මහා කාරුණික අල්ලාහ් අපට දායාද කර ඇත.

මෙම ශුද්ධ වූ ඊද්-උල්-ෆිත්ර් උත්සව දිනය සමරන සියලුම මුස්ලිම් බැතිමතුන්හට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය සුභ පැතුම පුද කර සිටියි.

මෙම උතුම් දිනයේදී, ලෝකයේ සියලුම රටවල සාමය හා සමෘද්ධිය උදා වේවා’යි මහා කාරුණික අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරමු.

විශේෂයෙන්, පලස්තීනයේ ගාසා තීරයේ වෙසෙන අසාධාරණයට ලක් වූ මුස්ලිම්වරුන්ට යුක්තිය සහ සාමය සනිටුහන් වීමටත්, ඔවුන් නැවත යථාතත්ත්වයට පත්වීමටත් සර්වබලධාරි අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටිමු.

එමෙන්ම මෙම ඊද්-උල්-ෆිත්ර් උත්සව දින දී අපි අපේ ඥාතීන්, හිත මිතුරන් සමග සමගියෙන් කටයුතු කරමු. අපගේ අසල්වාසීන්ට, අප අවට සිටින දුප්පතුන්ට සහ අගහිඟකම් ඇත්තවුනට මෙම උතුම් දිනය සතුටින් සැමරීමට අපට හැකි අන්දමින් උපකාර කර, සහයෝගය ලබා දෙමු.

සර්වබලධාරී අල්ලාහ්, අපගේ උපවාසශීලයන් සහ අපගේ යහ ක්‍රියාවන් පිළිගෙන අපට උසස් ආනිසංස පිරිනමනු මැනව!

تقبل الله منا ومنكم

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *