ජාත්‍යන්තර අරාබි භාෂා දිනය – 2021

ACJU/NGS/2021/289

18.12.2021

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව ජාත්‍යන්තර අරාබි භාෂා දිනය නිමිත්තෙන් අප පැරැන්ණෝ අරාබි භාෂාව හා ඉස්ලාම් දහම තුළින් මානව සමාජයට මෙන්ම අප රටට කළ දායකත්වය සිහිපත් කරයි.

අල්-කුර්ආනය පහළවූ දින පටන් අරාබි භාෂාව ඉස්ලාම් දහමේ සහ මුස්ලිම්වරුන්ගේ වැදගත් කුළුණක් විය. “නුඹලා අවබෝධ කරගනු පිණිස සැබැවින්ම අපි එ(ම අල්-කුර්ආන)ය අරාබි භාෂාවෙන් පාරායනය කරන්නක් බවට පහළ කළෙමු.” (අල්-කුර්ආන් 12 : 02) එපමණක් නොව, එය ශ්‍රී ලංකාවේ සහ ලෝක ප්‍රජාව තුළ ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික විවිධත්වයට ඉමහත් දායකත්වයක් පිරිනමා ඇත.

දැනුම වර්ධනය කිරීම, ලොව පුරා විද්‍යාව සහ දර්ශන ප්‍රචලිත කිරීම සඳහා අරාබි භාෂාව වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එය ලොව පුරා සමාජ තලයන් අතර සංස්කෘතික සම්බන්ධයක් ද ඇති කළේය.

ඉතිහාසඥයින්ගේ විග්‍රහයන්ට අනුව, අරාබි භාෂාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධය පුරාණ අරාබි වෙළඳුන් මෙරට සමඟ වෙළඳ සබඳතා පැවැත්වූ දිනය දක්වාවූ වසර දහසකට වඩා ඉපැරණි ය.

දහ අටවන සියවසේදී දකුණු ඉන්දියාවේ මාපිල්ලේ ලෙබ්බේ අලිම් (රහ්) තුමාණන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ මද්රසා දහම් පාසල් හරහා අරාබි භාෂාවෙන් ඉස්ලාමීය ආගමික අධ්‍යාපනය ලබාදීම ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය අරාබි සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරය පිළිබඳ පීඨයකින්ද සමන්විත වීම විශේෂත්වයකි. එය 1945 දී වෙනම කලාවක් ලෙස ස්ථාපිත කරන ලද අතර 1969 දී අරාබි භාෂා ක්ෂේත්‍රයේ විෂයයක් ලෙස ඉස්ලාමීය ශිෂ්ටාචාරය හඳුන්වා දෙන ලදී. ඉන් අනතුරුව අනෙකුත් ජාතික විශ්ව විද්‍යාලවලද එය ක්‍රියාත්මක වූ අතර අරාබි භාෂාව දේශීය විෂය මාලාවටද ඇතුළත් කරන ලදී.

වර්ෂ 2012 පටන් දෙසැම්බර් 18 වන දින ලෝක අරාබි භාෂා දිනය ලෙස සමරනු ලබන අතර, එම දිනය, වර්ෂ 1973දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සිය සංවිධානයේ හයවන නිල භාෂාව ලෙස අරාබි භාෂාව පිළිගත් දිනය සමග සමපාත වේ.

එබැවින් ජාත්‍යන්තර අරාබි භාෂා දිනය සමරන මෙදින සිය භාෂාවට, දහමට සහ සංස්කෘතික විවිධත්වයට ගරු කරමින් මනුෂ්‍යත්වයට දායක වෙමු.

ස්තූතියි,

 

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *