2023.02.02 දින මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අභිනව ගරු අධ්යක්ෂ Z.A.M. ෆයිසාල් මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්රධාන කාර්යාලයට පැමිණ අප විධායක කමිටු සාමාජිකයන් සමඟ සුහද හමුවක් පැවැත්වීය.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව ඉදිරියේදී සමාජයේ උන්නතිය උදෙසා එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ තුමා, සහකාර අධ්යක්ෂ අෂ්-ෂෙයික් අන්වර් අලී තුමා සහ අෂ්-ෂෙයික් අලා තුමා සහ එහි නිළධාරී අෂ්-ෂෙයික් මුෆ්ති මුර්සි නලීමි ඇතුළු මහත්ම මහත්මීන් සහභාගී වීම විශේෂත්වයකි.
ඉන් අනතුරුව, අප සභාවේ විධායක කමිටු සාමාජිකයින් සහ කාර්ය මණ්ඩලය පිළිබඳව හැඳින්වීමක් සිදු කරනු ලැබූ අතර, ඔවුන් වෙත අප සභාවේ සියවසක ගමන්මග නිමිති කොට නිකුත් කරනු ලැබූ සමරු මුද්දරය, සව්තුල් උලමා සියවස් විශේෂ සඟරාව, පසුගිය වසර පහක ක්රියාකාරකම් වාර්තාව සහ අනෙකුත් ප්රකාශන ද පිළිගන්වන ලදී.







