යොමු අංකය: ACJU/FRL/2025/07-425
2025 මාර්තු මස 11 වෙනිදා (1446.09.10)
අප දැන් ශුද්ධ වූ රමළාන් සමයේ සිටින්නෙමු. එලෙසින් අධික වශයෙන් යහපත් ක්‍රියා කරමින් වන්දනාමාන කරන කාලයක, අපගේ ක්‍රියාවන් සහ ක්‍රියාකාරකම් තුළින් අන් අයට කිසිදු බාධාවක් හෝ අපහසුතාවක් ඇති නොවන ආකාරයෙන් හැසිරීම අපගේ යුතුකමකි. එමෙන්ම ඉස්ලාමය අවධාරණය කරන්නේද, අප අන් අයට කිසිදු හානියක් නොකළ යුතු බවයි.
රමළාන් මාසය තුළ පැවැත්වෙන වැදගත්ම සිදුවීම් අතරට තාරාවීහ් නැමදුම, ඉෆ්තාර් වැඩසටහන් සහ බයාන් වැඩසටහන් ආදිය ඇතුළත් වේ. අපේ සමාජයට මෙයින් විවිධ ආකාරවලින් ප්‍රතිලාභ ලැබෙන බව කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැක.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවන් සිදුවන විට, ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය අධික ලෙස තිබීමෙන්, අවට සිටින ළමුන්ට, රෝගීන්ට සහ වැඩිමහළුන්ට එය ඉමහත් අපහසුතාවක් බවට පත් වෙයි.
එලෙසම,
• නිවාස සහ කඩ සාප්පු වල ගුවන් විදුලි යන්ත්‍රවල ශබ්දය වැඩි කර තැබීම
• අක්‍රමවත්ව වාහන නැවැත්වීම
• පදිකයින්ට බාධා වන ආකාරයෙන් වාහන නැවැත්වීම
• කාර්යාල සහ ව්‍යාපාරික ස්ථානවලින් අවසාන මොහොතේ පිටවී ඉෆ්තාර් සඳහා නිවෙස් බලා යාමට අධික වේගයෙන් වාහන ධාවනය කිරීම
• ආදී ක්‍රියාවන් නිසා බොහෝ දෙනෙක් අපහසුතාවයට පත් වනු ඇත.
අප රටේ සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ආගමික මාර්ගෝපදේශයන්ට අනුව ඔවුන්ගේ ආගමික වතාවත් ඉටු කිරීමට පූර්ණ නිදහස තිබේ. කෙසේ වෙතත්, එම නිදහස ඔවුන්ගේ ම ප්‍රජාවට හෝ අනෙකුත් ප්‍රජාවන්ට බාධාවක් නොවිය යුතුය. එලෙසම, එය රටේ නීතියටද පටහැනි නොවිය යුතුය.
එබැවින්, තම ප්‍රදේශයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවශ්‍ය ප්‍රමාණයට වඩා ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය වැඩි කිරීමෙන් වළකින ලෙසත්, අන් අයට බාධාවක් නොවන ආකාරයෙන් කටයුතු කරන ලෙසත් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සියලුම මුස්ලිම් පල්ලි පරිපාලකයින්ගෙන්, ඉමාම්වරුන්ගෙන් සහ මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටී.
මුෆ්ති එම්. අයි.එම් රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව