බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි

මාධ්‍ය වාර් තාව

26.12.2018

බුදු පිළිමයට හානි කිරීම සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි

දින කිහිපයකට පෙර මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ ආගම අපහාසයට ලක් කිරීමේ ක්‍රියාදාමය සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය හෙළා දකියි.

මෙරටේ ජීවත් වන බහුතර බෞද්ධ ජනතාවගේ වන්දනාවට ලක්ව පවතින බුද්ධ ප්‍රතිමාවට හානි කිරීම ජාතීන් අතර පවතින සහජීවනය හා අවබෝධය පළුදු කරන ක්‍රියාදාමයක් ලෙස සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය දකියි. මෙලෙස ප්‍රතිමා විනාශ කිරීම හෝ ඒවා අපහාසයට ලක් කිරීම ඉස්ලාමීය ඉගැන්වීම නොවන බව තරයේ පවසා සිටින්නට කැමත්තෙමු.

බෞද්ධ ජනතාව බහුතරයක් ලෙස ජීවත් වන මෙරටේ මුස්ලිම් හින්දු හා කිතුනු යන සියලු ජනයා භේදයකින් තොරව එකට එක්ව අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තමතමන්ගේ ආගමික ඉගැන්වීම් පිළිපදිමින් ජීවත්ව එන පසුබිමක මෙවැනි ක්‍රියාදාමයන් අනවශ්‍ය ගැටලු ඇති වීමට හේතුවක් වනු ඇත.

එහෙයින් මෙම කටයුත්ත කවර කෙනෙකු විසින් සිදු කර තිබුණද ඔවුන් නීතිය හමුවේ ගෙනැවිත් ඔවුනට නිසි තීන්දුවක් නිසිලෙස ලබා දී මෙවැනි ක්‍රියාදාමයන් ඉදිරියට සිදු නොවන්නට සුදුසු ක්‍රියාමාර් ග ගන්නා මෙන් ද මෙය හේතුවක් කර ගනිමින් ප්‍රචණ්ඩත්වය ඇවිළීම වළක්වන මෙන් ද ගරු ජනාධිපතිතුමාගෙන් ද, අගමැති තුමාගෙන්ද, පොලිස්පති තුමා ගෙන්ද සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය ඉල්ලා සිටියි.

අෂ්-ෂෙයික් එම්.එම්. අහ්මද් මුබාරක්
ලේකම්
සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සම්මේලනය

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *