2024 – අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් වෙත සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ආයාචනය

2025.03.27  – (1446.09.26)

2024 සා/පෙළ විභාගයට පෙනී සිටි සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හොඳම ප්‍රතිඵල ලබා දෙත්වා’යි මහා කාරුණික අල්ලාහ්ගෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ප්‍රාර්ථනා කරයි.

පහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද අප සභාව සිසුන්ගෙන් සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.

  1. විභාගය සම්පූර්ණ කිරීමට තමන්ට අවස්ථාව ලැබීම පිළිබඳ ව අල්ලාහ්ට කෘතඥපූර්වක වීම.
  2. විභාගයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට මෙම ශුද්ධ දිනවලදී යහපත් ක්‍රියා සිදු කර අල්ලාහ්ගෙන් අයැද සිටීම.
  3. තමන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු පිළිබඳ ව ගුරුවරුන්, දෙමාපියන් සහ අදාළ වෘත්තිකයන් සමඟ සාකච්ඡා කිරීම.
  4. ශුද්ධ වූ රමළාන් මස අවසන් දින දහය ගෙවී යන මොහොතේ, ඉතිරි දිනවල සතුට ප්‍රකාශ කිරීම සඳහා, රාත්‍රියේ නිකරුණේ අවදිව සිටීමෙන් හා අනර්ථ ක්‍රීඩාවන්හි නොයෙදී රාත්‍රී නැමදුම් වල නිරත වීම.
  5. ඔබගේ නිවාඩු කාලය ප්‍රයෝජනවත් ලෙස යහපත් දේ ඉගෙන ගැනීමටත්, සර්වබලධාරී අල්ලාහ් සමඟ සමීප සබඳතාවක් ඇති කර ගැනීම සඳහා අධ්‍යාත්මික දියුණුවටත් භාවිත කිරීම.

සර්වබලධාරී අල්ලාහ්, ඔබගේ අනාගතය නිසි අයුරින් සකසා ගැනීමට භාග්‍ය ලබා දෙත්වා, ආමීන්!

 

අෂ්-ෂෙයික් M.L.M. ඉලියාස්
සභාපති (වැඩබලන),
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් M.S.M. නාලිම්
ලේකම් – අධ්‍යාපන කමිටුව
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *