පලස්තීන – ගාසා හි සිදුවන අමානුෂික ප්‍රහාර නතර වීම සඳහා කුනූතුන් නාසිලාහි ප්‍රාර්ථනා කරමු.

ACJU/FRL/2025/09-427
2025.04.08 (1446.10.09)

අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු,

පසුගිය මාස කිහිපය තිස්සේ පලස්තීන – ගාසා හි සිදුවෙමින් පවතින අමානුෂික හා මාරාන්තික ප්‍රහාරයන් හේතුවෙන්, ඔක්තෝබර් 7 සිට අද වන තෙක් 62,614ක අහිංසක මුස්ලිම්වරුන් මහා පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 118,958 දෙනෙකුට තුවාල සිදුවී ඇත.

එම ප්‍රදේශයේ සිදුවන අමානුෂික ප්‍රහාර නවතා, සාමය, සමගිය සහ යුක්තිය ස්ථාපිත විය යුතු බැවින්, සාමාන්‍යයෙන් සියලුම මුස්ලිම් පල්ලිවල ෆජ්ර් නැමදුමේ කියවන කුනුත් සමග පස්වේල නැමදුම්වලද මඃමූම්වරුන්හට අපහසුවක් නොවන පරිදි මාසයක කාලයක් අඛණ්ඩව කුනූත් අන් නාසිලා කියවන ලෙසත් එහි දී පහතින් සදහන් විශේෂ ප්‍රාර්ථනයන් ද එක්කර ගන්නා ලෙසත් සෑම මස්ජිදයකම ඉමාම්වරුන්ගෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලා සිටියි.

එමෙන්ම, සලාතය, උපවාස, සදාකාව, තව්බා හා ඉස්තිග්ෆාර් ආදී යහපත් ක්‍රියාවන් ඉටු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, දූආ ප්‍රාර්ථනාවල නිරත වන ලෙසත් සියලුම මුස්ලිම් ජනතාවගෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉල්ලා සිටියි.

اللَّهُمَّ اكْتُبِ الأمْنَ والسَّلَامَةَ عَلَى العِبَادِ والبِلَادِ خَاصَّةً فِيْ فِلَسْطِيْنَ
اللَّهُمَّ حَرِّرِ الْمَسْجِدَ الأَقْصَى مِنْ كَيْدِ الغَاصِبِيْنَ وَالظَّالِمِيْنَ
اللهُمَّ اكْفِنَا شَرَّ الظَّالِمِينَ
اللَّهُمَّ إنَّا نَجْعَلُكَ في نُحُورِهِمْ وَنَعُوذُ بِكَ مِنْ شُرُورِهِمْ
اللهُمَّ اكْفِهِمْ بِمَا شِئْتَ يَا رَبَّ الْعَالَمِيْنَ

 

සර්වබලධාරී අල්ලාහ් සියල්ල මැනවින් දන්නාය.

 

– ACJU Media –

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *