සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාවේ සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, විධායක කමිටු සාමාජිකයන්, සහ කාර්යමණ්ඩලය ඔබ සැමට රමදාන් සුබපැතුම් මෙසේ පිළිගන්වයි!

යොමු අංක: ACJU/NGS/2021/053
2021 අප්‍රේල් 13 | හිජ්රි 1442 ශ’බාන් 30 වැනි දින
 
السلام عليكم ورحمة الله وبركاته
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු

‘අල්ලාහ්, මේ සඳ අප වෙත පායද්දී ඒ සමග ආරක්ෂාවත්, ඊමානයත් (නිසැක විශ්වාසය), ඉස්ලාමයත් අප වෙත ළඟාවීමට කටයුතු කළ මැනවි. (එම්බා සඳ!) ඔබේත්, මගේත් රබ් (පරමාධිපති) අල්ලාහ්ම වේ. මේ සඳ ඔබට මාර්ගෝපදේශ සහ හොඳ දේ රැගෙන පැමිණේවා)

අබූ හුරෙයිරා රලියල්ලාහු අන්හු තුමා මෙසේ පැවසූ බව සඳහන් වේ: “අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ ප්‍රකාශ කළහ:
‘සර්වබලධාරී අල්ලාහ් උපවාසයේ යෙදෙන මෙන් ඔබට නියෝග කළ, ආශිර්වාද ලත් රමදාන් මාසය ඔබ වෙත පැමිණ ඇත. ඒ මාසයේ දී ස්වර්ගයේ දොරටු විවෘතව පවතින අතර, අපායේ දොරටු වැසී පවතී. තවද, සෑම යක්ෂයෙකුම විලංගුවලින් බැඳ දමා තිබේ. අල්ලාහ් විසින් මාස දහසකටත් වඩා විශිෂ්ට රාත්‍රියක් එම මාසය තුළ දී පිරිනමා තිබේ; එකී රාත්‍රියේ විශිෂ්ටත්වය අහිමි වන්නේ කවරෙකුට ද, ඔහු අනිවාර්යයෙන්ම අහිමි වූවෙකුම වන්නේ ය.”‘

මේ ශුද්ධ වූ දයානුකම්පාවේ මාසයේ ආරම්භ කරබ මේ අවස්ථාවේ දී, අසරණ, සෞඛ්‍යමය වශයෙන් පිරිහුණු, අවාසනාවන්ත සහ මර්දනයට ලක් වන සියල්ලන් වෙනුවෙන් අපේ යාඥාවන් සහ අපේ සිතිවිලි බැර වේ. නියත වශයෙන්ම, අල්ලාහ් අතිශයින්ම සාධාරණ වන අතර, අසමසම දයාවන්තයා ද වෙයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව සිහියේ තබාගන්නා අතරම, කරුණාවේ සහ නිර්ලෝභී බවේ ජීවගුණය පවත්වාගනිමින්, මේ ශුද්ධ වූ මාසයේ ආශිර්වාදය සියල්ලන් සමග බෙදාහදාගැනීමට උත්සාහ කරමු.

නියත වශයෙන්ම, තමන් කැමති දෙය තම සොයුරා වෙනුවෙන් ද ලැබීමට ප්‍රාර්ථනා කරන තෙක් කෙනෙකුගේ ඇදහිල්ල පරිපූර්ණ නොවේ.

මේ වසරේ රමදාන් මාසය අර්ථාන්විතව ගතකිරීමට සර්වබලධාරී අල්ලාහ් අප හට උපකාරී වේවා!

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම් – සමස්ත ලංකා ජමියියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *