සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

2020.07.06

16.11.1441

සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව කීවේ නැත

පසුගිය සතියේ දෙහිවල පිහිටි සම්පත් බැංකු ශාඛාවකදී සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සිය කනස්සල්ල පළ කරයි. මෙවන් සිදුවීම් අදාළ පාර්ශවකරුවන් සමග සුහදව විසදා ගැනීම සුදුසුම ක්‍රියාමාර්ගය වේ.

මෙම සිද්ධියෙන් පසු සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් සම්පත් බැංකු ගිණුම් ඉවත් කරන්නැයි පැවසූ බව ප්‍රචාරයන් පැතිරෙමින් තිබෙයි. මෙය සහමුලින්ම අසත්‍යය ප්‍රචාරයක් බව රටේ ජනතාවට අප සභාව වගකීමෙන් යුතුව දන්වා සිටියි.

මෙරට මුස්ලිම්වරුන්ගේ පැරණිතම සංවිධානයක නම භාවිත කරමින් ව්‍යාජ ප්‍රචාරයන් කරන අයගෙන් ප්‍රවේශම් වන මෙන් ද, අප සභාව පිළිබඳ ප්‍රවෘත්ති පළ වූ විට ඒවා www.acju.lk යන නිල වෙබ් අඩවිය තුළින් සනාථ කර ගන්නා මෙන් ද, අප සභාව රටේ ජනතාවගෙන් ආදරයෙන් ඉල්ලා සිටියි.

 

අෂ් ෂෙයික් එම්.එම්.එම්. මුර්ෂිද්

සහකාර ලේකම්,

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *