තිස් වසරක යුද්ධයේ ඓතිහාසික නිමාව සැමරීම

ACJU/NGS/2021/073

2021 මැයි 18

තිස් වසරක යුද්ධයේ ඓතිහාසික නිමාව සමරන මෙම දිනයේදී, ත්‍රිවිධ හමුදාවේ සහ ජීවිත අහිමි වූ සියලු ශ්‍රී ලාංකිකයින්ගේ කැපකිරීම් අප ස්මරණය කරමු.

සියලු ශ්‍රී ලාංකිකයින් ජාතික හා ආගමික භේදයකින් තොරව ආරක්ෂාව භුක්තිවිදින සුරක්ෂිත එක්සත් ජාතියක් ගොඩනැගීමෙන් එම පරිත්‍යාගයන් අර්ථවත් කරමු.

රටවැසියන්ට අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සියලු දෙනාම ආවරණය වන පරිදි ඒකාබද්ධ ප්‍රවේශයක් අනුගමනය කිරීම මගින් ජාතියක් ලෙස ඉදිරි ගමනක් යා හැකි බව අපගේ විශ්වාසයයි.

කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් අප මාතෘ භූමිය ආරක්ෂා වන ලෙසත්, පීඩාවට පත්වූවන්ට ඉක්මන් සුවය ලැබීමටත්, ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් වීමටත් අපි ප්‍රාර්ථනා කරමු.

ලොව පුරා සිදුවන සියලු යුද තත්ත්වයන් නවතා දමා යුක්තිය, සදාකාලික සාමය හා සමෘද්ධිය උදාවන මෙන් අපි ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික්, එම්. අර්කම් නූරාමිත්

මහලේකම්,

සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 
 
 
 

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *