සෆර් මාසය – 1445

2023 අගෝස්තු මස 18 වෙනිදා (1445.02.01)

 

”‍සෆර් මාසය”‍ යනු ඉස්ලාමීය දින දර්ශනයේ දෙවන මාසයයි. සෆර් මාසය උදාවන්නේ ඉස්ලාමීය දින දර්ශනයේ පළමු මාසය වන මුහර්රම් මාසයෙන් පසුවය.

මේ මාසය අවාසනාවන්ත මාසයක් ලෙස ඇතැමුන් අතර වැරදි මතයක් පවතී. මෙම සාවද්‍ය මතය නිසා විවාහ උත්සව ඇතුළු කිසිඳු ආකාරයක සැමරුම්වලින් පවා වැළකී සිටිති. මෙම විශ්වාසය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත ය. මෙය ඉස්ලාම් දහමට පෙර සිටි ජනයා විසින් පවත්වාගෙන ගිය ව්‍යාජ විශ්වාසයකි. එවැනි මිථ්‍යා විශ්වාසයන් පිළිබඳව ශුද්ධ වූ අල්-කුර්ආනය පැහැදිලි මාර්ගෝපදේශ සපයා ඇත.

“අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම දුර්භාග්‍යයක් ඇති නොවන්නේමය. තවද කවරෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේද ඔහු(අල්ලාහ්) ඔහුගේ හදවතට යහමග පෙන්වන්නේය. අල්ලාහ් සියලු‍ දෑ කෙරෙහි සර්වඥය.” (අල්-කුර්ආනය 64:11)

ඉස්ලාමය තුළින් “අයියාමුල් ජාහිලියා” (අඥාන යුගයේ) පැවති මිථ්‍යා විශ්වාස ප්‍රතික්ෂේප කරයි.

අබු හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමාණන් වාර්තා කරයි: නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ. “බෝවන රෝගය (ස්වයංසිද්ධව සම්ප්‍රේෂණය වේ) යැයි නොමැත. පක්‍ෂියා පෙර නිමිත්තක් නොවේ, බකමූණා පෙර නිමිත්තක් නොවේ, සෆර් මාසය (අවාසනාවන්තයි) යනුවෙන්ද නොමැත.” (මූලාශ්‍රය: සහීහ් බුහාරි, 5757)

එබැවින් මුස්ලිම් භක්තිකයින් වශයෙන් අපි මෙවැනි මිථ්‍යා විශ්වාස පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතුයි.

සෆර් මාසයේ වැදගත් සිදුවීම්:-

  • නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා හා කදීජා (රළියල්ලාහු අන්හා) මව්තුමිය සමඟ සිදුවූ විවාහය සෆර් මාසයේදී සිදුවිය. (මූලාශ්‍රය: උයූනුල් අසර්, කොටස 01)
  • නබි නායක මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් තම දියණිය වූ ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමියව අලී (රළියල්ලාහු අන්හු) තුමාට හිජ්රි 2 හි සෆර් මාසයයේදී විවාහ කර දුන්හ. (මූලාශ්‍රය: අල්-මුන්තලම් ෆී තාරීකිල් මුලූකි වල් උමම්, කොටස 03)

 

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

 

අෂ්-ෂෙයික් එම්.එච්.එම්. බුර්හාන්

ලේකම් – හිලාල් කමිටුව

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *