ශ්‍රී ලංකාවේ 25 වන යුද හමුදාපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට ඉස්ලාම් ආගමික විද්වතුන් වෙනුවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-‌ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා සහභාගී වීම

2024.12.31 වන දින ශ්‍රී ලංකාවේ 25 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් ලසන්ත රුද්‍රිගෝ මහතාගේ සම්ප්‍රදායානුකූල දිවුරුම් දීමේ උත්සවයට ඉස්ලාම් ආගමික විද්වතෙකු වශයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ මහලේකම් අෂ්-‌ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා සහභාගී විය.

යුද හමුදා මූලස්ථානයේ උත්කර්ශවත් අයුරින් පැවති මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් ද නව යුධ හමුදාපතිවරයා වෙත ආශිර්වාදය පළ කළහ.

මෙම අවස්ථාවට ආරාධිතයෙකු ලෙස සහභාගී වූ අප සභාවේ අෂ්-‌ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා රටේ සුබසිද්ධිය වෙනුවෙන් සහ හමුදාපතිවරයාගේ රාජකාරී කටයුතු සාර්ථක කර ගැනීම සඳහා විශේෂ දුආ ප්‍රාර්ථනාවක් සිදු කිරීම විශේෂත්වයකි.

 

 

– ACJU Media –

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *