ගංවතුරෙන් පීඩාවට පත් වූ ජනතාවට තම ශ්‍රමයෙන් හා දානමය ආධාරයන් ලබා දුන් සියලු දෙනාහට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ස්තූතිය පුද කර සිටියි

ACJU / SOS / 2024/005

2024.12.23 (1446-06-21)

 

ගෞරවණිය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාඛා විද්වතුන්, මස්ජිද් සම්මේලන සාමාජිකයින්, මස්ජිද් පරිපාලකයින්, සුභසාධකයින්, සිවිල් ක්‍රියාකාරී සාමාජිකයින් ඇතුළු සමස්ත ජනතාව වෙත අස්-සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු!

මහා කාරුණික අල්ලාහ්, අප සියලු දෙනාහට මනුෂ්‍යත්වයේ සුභසාධනය වෙනුවෙන් අඛණ්ඩව කටයුතු කිරීමට ආශිර්වාද කරත්වා! ආමීන්

පසුගිය නොවැම්බර් මාසයේදී ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ගංවතුරින් පීඩාවට පත් වූ ජනතාවට උදව් උපකාර හා සහාය ලබා දෙන ලෙස සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටීය.

පීඩාවට පත් නොවූ ප්‍රදේශවල අප සභාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාඛා විද්වතුන්, මස්ජිද් සම්මේලන සාමාජිකයින්, මස්ජිද් පරිපාලකයින්, සුභසාධකයින්, සිවිල් ක්‍රියාකාරී සාමාජිකයින් ඇතුළු දේශීය හා විදේශගතව සිටින සමස්ත ජනතාවට තමන්ට හැකි අන්දමින් සිය මූල්‍යමය, ද්‍රව්‍යමය, ශාරීරකව හා ප්‍රාර්ථනාවන් තුළින් සහාය දැක්වීම ඉතා අගය කරමින් අපගේ මහත් ස්තූතිය පුද කර සිටිමු.

එමෙන්ම, පීඩාවට පත් ප්‍රදේශවල අප සභාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ශාඛා විද්වතුන්, මස්ජිද් සම්මේලන සාමාජිකයින්, මස්ජිද් පරිපාලකයින්, සුභසාධකයින්, සිවිල් ක්‍රියාකාරී සාමාජිකයින් ඇතුළු ගම්වැසියන් සියලු දෙනා එක්ව පීඩාවට පත් තම සහෝදරයින් යථා තත්ත්වයට පත් වන තුරු ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමටත්, ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමටත්, ලැබුනු ආධාර නිසි අයුරින් බෙදා හැරීමටත් දැරූ මහත් උත්සාහය ඉතා අගය කළ යුත්තකි.

සර්ව බලධාරී අල්ලාහ්, ඔබ සැමගේ වටිනා උත්සාහයන් සහ සහයෝගය පිළිගෙන ඔබේ ආයුෂ, දේපළ, රැකියාව, ව්‍යාපාර වලට ආරක්ෂාව සහ අභිවෘද්ධිය ලබා දෙත්වා! ආමීන්,

ජසාකල්ලාහු කයිරා!

 

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
ලේකම් – සමාජ සේවා අංශය
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *