සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳව කරන වැදගත් නිවේදනය

ACJU/NGS/2024/399

2024.10.25 (1446.04.21)

ACJU (සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාව) යනු දේශපාලනයෙන් ස්වාධීන ආගමික සංවිධානයකි.

සියවසකට අධික කාලයක් ඉස්ලාමීය ආගමික විද්වතුන්ගේ සේවයේ කැප වූ අප ආයතනය දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ස්වාධීන වේ. රටේ සෑම ප්‍රදේශයකින්ම දස දහසකට අධික උලමාවරුන් සාමාජිකයින් ලෙසට බැදී සිටී. එම සාමාජික පිරිස දේශපාලන වශයෙන් විවිධ මතධාරීන් විය හැකි වුව ද, ACJU ලෙස අප ආයතනය කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ පාර්ශ්වයකට සහාය නොදක්වයි.

සමස්ත ලංකා ඉස්ලාමීය විද්වතුන්ගේ සභාවේ විධායක කමිටුවේ, දිස්ත්‍රික් හෝ ප්‍රාදේශීය ශාඛාවල සාමාජිකයින්, ඔවුන්ගේ පුද්ගලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ අභිමතය අනුව පක්ෂ දේශපාලනයේ නිරතවන්නේ නම්, එය ඔවුන්ගේ පුද්ගලික තීරණයක් වන අතර එය ACJU සංවිධානය නියෝජනය කිරීමක් ලෙස සැළකිය නොයුතු බව මේ අඩවියේ නිවේදනය කර සිටිමු.
මීට අමතරව, පක්ෂ දේශපාලන කටයුතුවල නිරත වන උලමාවරුන් විසින් ACJU නාමය භාවිතා කිරීම සංවිධානයේ මූලධර්මවලට සම්පූර්ණයෙන්ම විරුද්ධ වන අතර, එය ප්‍රචාරණ කටයුතුවලට යොදා ගැනීම නීතිමය වශයෙන් සහ සදාචාරාත්මකව වැරදි බව තවදුරටත් තරයේ ප්‍රකාශ කර සිටිමු.

අපි නැවත වරක් පැහැදිලි කර සිටින්නේ ACJU සංවිධානය සහ එහි සියලු කිසිඳු දේශපාලන පක්ෂයකට සහාය නොදෙන බවයි. අපගේ අවධානය යොමු වන්නේ ඉස්ලාම් ආගම පිළිබඳ අධ්‍යයනය, පර්යේෂණ සහ සමාජ සේවා කටයුතු කෙරෙහි පමණි.

එමෙන්ම, ACJU නාමය භාවිතා කරමින් පුද්ගලික ප්‍රචාරක කටයුතු සිදු කරන සියලු පාර්ශවයන්ගෙන් මෙම කටයුතු වලින් වැළකී සිටින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මෙම ප්‍රකාශය උල්ලංඝනය කරන සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපි බලාපොරොත්තු වන්නෙමු.

 

අෂ්-ෂෙයික් එම්.එල්.එම්. රිලා

සභාපති (වැඩ බලන)

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහ ලේකම්

සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *