ACJU/FRL/2024/37/420
2024.11.26 (1446.05.23)
අස්-සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු.
පසුගිය දින කිහිපය තුළ දී රටේ විවිධ ස්ථානවල දැඩි සුළං හා අධික වර්ෂාව හේතුවෙන් අයහපත් කාලගුණ තත්වයක් උදා වී ඇත. තවද ඉදිරි දිනවල ද මෙම තත්ත්වය අඛණ්ඩව පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.
විපත් ඇතිවිය හැකි ප්‍රදේශවල සිටින්නන් කාලගුණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන උපදෙස් පිළිපදින මෙන් ද ඉතා අවධානයෙන් සිටින මෙන් ද සමස්ත ලංකා ම්ඉයියතුල් උලමා සභාව ඉල්ලා සිටින අතර ආලිම්වරුන් (ඉස්ලාමීය විද්වතුන්ගෙන්) සිය ප්‍රදේශවල ජනයාට මෙවන් ආපදා තත්ත්වයක දී ක්‍රියාත්මක කළ යුතු ඉස්ලාමීය මාර්ගෝපදේශයන් පහදා දෙන ලෙස ද තව්බා, ඉස්තිග්ෆාර් (පාපීය ක්‍රියාවලින් ඈත් වී, පව් ක්ෂමාව අයැදීම), දුආ ප්‍රාර්ථනා කිරීම, සදකාව, සලාතය සහ උපවාසය වැනි සත් ක්‍රියාවන් මඟින් අල්ලාහ්ගේ දයාව සහ පිහිට පැතීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන ලෙස ද ඉල්ලා සිටියි.
තවද දැඩි සුළඟ, ගංවතුර ගැලීම සහ අයහපත් කාලගුණය දුරස් වන තුරු පස්වේල සලාතයේ “කුනුතුන් නාසිලා” පාරායන කර, ප්‍රාර්ථනා කරන මෙන් රට පුරා පිහිටි මස්ජිද්වල භාරකාර සභාවලින් ද ඉමාම්වරුන්ගෙන් ද ජම්ඉයියතුල් උලමා සභාව කරුණාවෙන් ඉල්ලා සිටියි.
කුනූතුන් නාසිලාවේ පාරායනා කළ යුතු දුආවන්:
اَللَّهُمَّ حَوَالَيْنَا ولَا عَلَيْنَا، اَللَّهُمَّ علَى الآكَامِ والظِّرَابِ، وبُطُونِ الأوْدِيَةِ، ومَنَابِتِ الشَّجَرِ
اَللَّهُمَّ إِنَّا نَسْأَلُكَ خَيْرَ هذه الرِّيَاحِ، وَخَيْرَ ما فِيهَا، وَخَيْرَ ما أُرْسِلَتْ به، وَنَعُوذُ بكَ مِن شَرِّهَا، وَشَرِّ ما فِيهَا، وَشَرِّ ما أُرْسِلَتْ به
اَللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَدْمِ، وَأَعُوذُ بِكَ مِنَ التَّرَدِّي، وَأَعُوذُ بِكَ مِنَ الْغَرَقِ، وَالْحَرَقِ، وَالْهَرَمِ
اَللَّهُمَّ لَا تَقْتُلْنَا بِغَضَبِكَ، وَلَا تُهْلِكْنَا بِعَذَابِكَ، وَعَافِنَا مِنْ قَبْل ذَلِكَ
රට පුරා යහපත් කාලගුණ තත්ත්වයක් උදා කර, රට වැසියන් සියළු දෙනාවම ආපදා සහ විපත්වලින් ආරක්ෂා කර දෙන ලෙස අපි අල්ලාහු තආලාගෙන් ප්‍රාර්ථනා කරන්නෙමු.
අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව
අෂ්- ෂෙයික් එම්.එල්.එම්. ඉල්යාස්
ලේකම් – ෆත්වා අංශය,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව