අය්යාමුල් බීල් – ෂඃබාන් මස (මාර්තු – අප්‍රේල්) 2022

මාර්තු මස 17,18,19 යන දිනවලදී ෂඃබාන් මාසයේ ‘අය්යාමුල් බීල්’ උපවාසශීලයේ යෙදීම නබි පිළිවෙතකි

අපි දැන් ෂඃබාන් නැමැති චන්ද්‍ර මාසයේ ‘අය්යාමුල් බීල්’ (අවර්ණ දින) උදාවන තුරු බලාපොරොත්තුවෙන් සිටිමු. ‘අය්යාමුල් බීල්’ (අවර්ණ දින) යනු සෑම චන්ද්‍ර මාසයකම 13, 14 සහ 15 වැනි දින කිහිපය වේ. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම අනුගාමිකයින්ට සෑම මසකම දින තුනක් විශේෂයෙන් ‘අය්යාමුල් බීල්’ (අවර්ණ දින) දිනවලදී උපවාසශීලයේ යෙදෙන ලෙස දිරිගන්වා ඇත.

හස්රත් අබ්දුල්ලාහ් ඉබ්න් අම්ර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ දන්වයි. “සෑම මසකම දින තුනක් උපවාසශීලයේ යෙදීම එම වසරේ ඉතිරි කාලය මුළුමණින්ම උපවාසශීලයේ යෙදීම හා සමාන වෙයි” යැයි නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. (මූලාශ්‍රය : සහීහ් අල්-බුහාරි 1979)

හස්රත් අබු දර් (රළියල්ලාහු අන්හු) තුමාණෝ දන්වයි. “ඔබට මසකට දින තුනක් උපවාසශීලයේ යෙදිය හැකිනම්, 13, 14 සහ 15 යන දිනවලදී උපවාසශීලයේ යෙදෙන ලෙස නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.” (මූලාශ්‍රය : අත්-තිර්මිදී 761)

 
 
 
 

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *