අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහයට ගෞරව කොට ශෝකය පළ කිරීම සම්බන්ධව

2023.05.19 දින සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ එකමුතුකම හා සහයෝගිතා සම්බන්ධීකරණ කමිටුව කළපළුවාව ගෞතම තපෝවන විහාරයට ගොස් 2023 මැයි මස 16 වන දින අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අතිගෞරවාර්හ දොඩම්පහල චන්ද්‍රසිරි මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහයට ගෞරව කොට තමාගේ ශෝකයද පළ කළහ.

බුදුදහමට අනුව කිසිඳු වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යහපත වෙනුවෙන් හා යහපත් බෞද්ධ ශ්‍රී ලාංකික සමාජයක් බිහි කිරීම වෙනුවෙන් නායකත්වය දෙමින් එහිමියන් ගෙන ගිය ප්‍රයත්නයේ අරමුණ වූයේ වාර්ගික හා ආගමික සමගිය තුළින් සාමයසහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමයි.

එහිමියන් වෙනුවෙන් කළ හැකි උත්තරීතර ගෞරවය හා උපහාරය වන්නේ උන්වහන්සේ දැඩි කැපවීමකින් සමාජගත කරන්නට වෙරදැරූ මෙම උත්තරීතර අරමුණු සාක්ෂාත් කර ගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් අධිෂ්ඨාන පූර්වක ව කටයුතු කිරීම යන්න අපගේ නිහතමානී මතයයි.

ශ්‍රී ලංකාවාසී සියලු සහෝදර බෞද්ධ ජනයා වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටියෝය.

මේ සඳහා අප සභාවේ මහලේකම් අෂ්-ෂේක් එම්.අර්කම් නූරාමිත්, පුරවැසි කටයුතු අංශයේ ප්‍රධාන සම්බන්ධීකාරක අෂ්-ෂේක් නුස්රත්, එකමුතුකම හා සහයෝගිතා සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරක අෂ්-ෂේක් සල්මාන් සහ මාධ්‍ය කමිටුවේ සම්බන්ධීකාරක අෂ්-ෂේක් ෆහද් යනාදීන් සහභාගී වූහ.

yy
kg
gy
et

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *