මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

2025.07.19

1447.01.23

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික හා සමාජීය අයිතිවාසිකම් සහ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව අඛණ්ඩ ව සහ කැපවීමෙන් කටයුතු කරන බව කවුරුත් දන්නා සත්‍යයකි.

ඒ සම්බන්ධයෙන්, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට අදාළ ගැටළු සම්බන්ධයෙන් අපි වරින් වර රජය විසින් පත් කරන ලද කමිටු සමඟ කටයුතු කර ඇත්තෙමු. විවිධ ක්ෂේත්‍රවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අමතර ව, ආගමික මාර්ගෝපදේශවලට පටහැනි කරුණු සම්බන්ධයෙන් නිසි විකල්ප යෝජනා ඉදිරිපත් කරමින් අප සභාව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවද අපි මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමු.

ඊට අමතර ව, මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් මෑතකදී මාධ්‍ය ආයතනයක් හරහා සිදු කරන ලද ප්‍රකාශය අර්ථ විරහිත සහ පදනම් විරහිත බව අපි තරයේ දන්වා සිටිමු.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සම්පූර්ණ ස්ථාවරය ළඟදීම මහජනතාවට නිකුත් කරන්නෙමු.

මාධ්‍ය අංශය
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *