ජ්‍යෙෂ්ඨ නීතිඥ කරුණාරත්න හේරත් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ශෝක පණිවිඩය

ACJU/NGS/2021/048
2021.04.01

මෙරට බහු සංස්කෘතික අවබෝධය වැඩි දියුණු කරමින් සෑම දහමක ම හොඳ මිතුරෙකු වූ අනුරාධපුර පුරවරයේ උපන් නීතිඥ කරුණාරත්න හේරත් මහතාගේ අභාවය පිළිබඳ ප්‍රවෘත්තිය අප සැම සාතිශය කම්පාවට හා ශෝකයට පත් කොට ඇත.

එතුමන් විසින් රචිත ග්‍රන්ථ අතුරින් ‘මුස්ලිම් නීතිය’ නැමැති ග්‍රන්ථය ලාංකිකයින් අතර විශේෂ තැනක් ගනිමින් බොහෝ දෙනෙකුගේ කථිකාවට ලක් විය. එතුමන් ඉස්ලාමීය නීතිය පිළිබඳ විශේෂඥයෙකු නොවූවද එම ග්‍රන්ථය තුළින් සමාජයට ධණාත්මක අවබෝධයක් ලබා දීමට උත්සාහ කර ඇත.

සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අභියෝගය බාරගෙන මෙවන් කර්තව්‍යයක් ඉටු කළ එතුමන්ගේ ප්‍රධාන අරමුණ වූයේ අන්‍යෝන්‍ය අවබෝධයෙන් හා සාමයෙන් ජීවත් විය හැකි සහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් හා ලොවක් නිර්මාණය කිරීම බව වැටහී යයි.

මෙවන් විද්වතෙකුගේ සමුගැනීමෙන් අත් වූ අලාභය ලෝ වාසී සියලු දෙනාට ම මෙනෙහි කරමින් එතුමන්ගේ පවුලේ උදවිය වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටින්නෙමු.

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
ශ්‍රී ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

 
 
 
 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *