සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ ශෝක පණිවුඩය

2020.11.18

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මැණික්හින්න හුරීකඩුව විද්‍යාසාගර පිරිවෙන්පති, රාජකීය පණ්ඩිත, විනය විශාරද, සිරි සීලවංශ වංශාලංකාර, අග්‍ර මහා පණ්ඩිත අතිගෞරවාර්හ නාපානේ පේමසිරි මහානායක ස්වාමින් වහන්සේ අපවත් වී වදාළ පුවත අප සැම සාතිශය කම්පාවට හා ශෝකයට පත් කොට ඇත.

කිසිඳු වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සියලු ශ්‍රී ලාංකිකයින්ගේ යහපත වෙනුවෙන් හා යහපත් බෞද්ධ ශ්‍රී ලාංකික සමාජයක් බිහිකිරීම වෙනුවෙන් නායකත්වය දෙමින් එහිමියන් ගෙන ගිය ප්‍රයත්නයේ අරමුණ වූයේ වාර්ගික හා ආගමික සමගිය තුළින් සාමය, සහෝදරත්වය හා සුහදත්වය සපිරි සෞභාග්‍යමත් මාතෘ භූමියක් නිර්මාණය කිරීමයි.

එහිමියන් වෙනුවෙන් කළ හැකි උත්තරීතර ගෞරවය හා උපහාරය වන්නේ උන්වහන්සේ දැඩි කැපවීමකින් සමාජගත කරන්නට වෙරදැරූ මෙම උත්තරීතර අරමුණු සාක්ෂාත් කරගැනීමට සියලු ශ්‍රී ලාංකිකයින් අධිෂ්ඨාන පූර්වකව කටයුතු කිරීම යන්න අපගේ නිහතමානී මතයයි.

ශ්‍රී ලංකාවාසී සියලු සහෝදර බෞද්ධ ජනයා වෙත ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවගේ හා සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ බලවත් ශෝකය මෙමගින් දන්වා සිටින්නෙමු.

 

අෂ් ෂෙයික් එම්.එස්.එම්. තාසිම්
මහ ලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *