අවුරුදු සමයේ සුබපැතුම් පණිවිඩය – 2024 – සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

ACJU/NGS/2024/315

2024.04.13 (1445.10.04)

මෙම උතුම් වූ අවුරුදු සමයේ දී සියලු ශ්‍රී ලාංකික බැතිමතුන් හට සාමය සතුට සපිරි සෞභාග්‍යමත් අවුරුදු උදාවක් වේවා’යි මහා කාරුණික අල්ලාහ්ගෙන් අයැද සිටිමු.

මෙවර සිංහල, දෙමළ, මරක්කල, මැලේ, මේමන් හා බෝරා යන සියලු ජාතිකයින් අවුරුදු සැමරීමට බලාපොරොත්තුවෙන් සිටින මොහොතක සියලු දහම් තුළින් අගයන පරිත්‍යාගශීලිත්වය මෙනෙහි කරමින් අප වටා සිටින දුප්පතුන් හා අගහිඟකම් ඇත්තවුන්ට උදව් උපකාර කර අවුරුදු සමයේ අරුත බෙදා ගනිමු.

මෙතුළින් ජාතියේ සුභසිද්ධිය සහ සහජීවනය උදෙසා සහයෝගයෙන් කටයුතු කරන ආදර්ශවත් ප්‍රජාවක් විය යුතු යැයි මෙම අවුරුදු සමයේදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ලංකාවාසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

සර්ව බලධාරී අල්ලාහ්, අපගේ අධ්‍යාත්මකත්වය මුල්කර ගනිමින් සිදු කළාවූ යහක්‍රියාවන් හා සංස්කෘතික ඇගයීම් පිළිගෙන අපහට උසස් වේතනයන් පිරිනමනු මැනව! මෙම අවුරුදු සමයේදී අප ලැබූ අධ්‍යාත්මක දියුණුව පදනම් කර ගනිමින් මුලු ලොවටම සාමය සතුට ස්ථාපිත කරනු මැනව! ආමීන්…

මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහා ලේකම්
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *