පලස්තීන-ඊශ්‍රායල් ගැටුම සමතයට පත්කිරීම සඳහා ඉදිරිපත් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ආයාචනා කරයි

Ref: ACJU/NGS/2023/250
12th of October 2023

පලස්තීන – ඊශ්‍රායල් ගැටුම දස දහස් ගණනකගේ ජීවිත බිලිගෙන ඇති අතර මිලියන ගණනක ජනතාව අවතැන් කර ඇත.

ජාති ආගම් භේදයකින් තොරව මනුෂ්‍ය වර්ගයා අතර තිරසාර සාමයක් සහ සහජීවනයක් ඇති කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ලෝකයේ සියලුම රටවලට පවතී.

මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය පුරාවටම, මනුෂ්‍යත්වය කෙරෙහි කිසිඳු ආකාරයක යහපත්කමක් අත්කර ගැනීමට පීඩාව සහ අයුක්තිය කිසිවිටෙකත් සාර්ථක නොවූ අතර, එයින් සිදු වී ඇත්තේ ජාතීන් තවදුරටත් විනාශ කිරීම පමණක් බව පැහැදිලිය.

ඒ අනුව පලස්තීන – ඊශ්‍රායල් අර්බුදයට විසඳුම් සෙවීම සංවාදයෙන් කළ යුතුව ඇත. රුධිරයෙන් සහ අහිංසක මිනිස් ජීවිත බිල්ලට දී මේ තත්ත්වය විසඳිය නොහැක.

වෙනස් කොට සැලකීමට සහ වෛරයට එරෙහිව නැගී සිටීම සහ අපක්ෂපාතී මානුෂීය ආකාරයෙන් මෙම ගැටලුවට ප්‍රවේශ වී යුක්තිය ඉටු වන බව සහතික කිරීම ගෝලීය ප්‍රජාවේ වගකීමකි.

අපගේ ආදරණීය නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් විසින් මඟ පෙන්වා ඇති ආකාරයට මනුෂ්‍යත්වයේ යහපැවැත්ම සඳහා විශේෂයෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා මුස්ලිම්වරුන් වන අප ප්‍රාර්ථනා කරමු.

සර්වබලධාරී අල්ලාහ් විපතට පත් වූ අහිංසක උදවියට යහපතින් වන්දි ලබා දී මනුෂ්‍ය වර්ගයාට කල්පවත්නා සාමය, සමඟිය සහ සමෘද්ධිය ආශීර්වාද කරත්වා!

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි
සභාපති,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්
මහලේකම්,
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *