මිත්‍රත්වය පිළිබඳව ඉස්ලාමීය දෘෂ්ටියෙන්

යොමු අංකය: ACJU/NGS/2023/189

2023 ජූලි මස 30 වෙනිදා (1445.01.11)

මිත්‍රත්වය යනු ඉස්ලාම් දහමෙහි ඉතා අගයන විෂයකි. යහපත සඳහා මිතුදම් පෑම සහ යහපත සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම උතුම් මානව ලක්ෂණයකි.

ඇත්තෙන්ම, මිත්‍රත්වය අගය කිරීම ඊමානයට ඉතා සමීප අංගයකි. අල්ලාහ් වෙනුවෙන් අපි යමෙකුට ආදරය කරන විට අපගේ ඊමානය පරිපූර්ණ වේ. එය ස්වර්ගයට පිවිසීමට හේතුවකි.

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. “ඔබ විශ්වාසය (ඊමානය) ඇති කර ගන්නා තෙක්, ස්වර්ගයට ඇතුලු නොවනු ඇත. ඔබ එකිනෙකාට ආදරය නොකරන තුරු, ඔබ විශ්වාසවන්තයෙකු නොවනු ඇත. ඔබ එකිනෙකා අතර ආදරය ඇති වන විෂයක් මම ඔබට දන්වන්න ද? ඔබලා අතර සලාතය පතුරවා ගන්න.” (මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්)

නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ටද බොහෝ සගයන් සිටි අතර එතුමා ඔවුන් සියලු දෙනා සමඟ සුහදව කටයුතු කළේය. “යම් පුද්ගලයෙකු තමාට කැමැති දේ තම සහෝදරයාට ද (අත් වීමට) කැමැති වන තෙක්, ඔහු සම්පූර්ණ විශ්වාසවන්තයෙකු විය නොහැක. යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අපට උගන්වා ඇත.”

එබැවින් අපි ජීවත් වන පරිසරය තුළ හා පවුල් පසුබිම තුළ විවිධ අවශ්‍යතා ඇති මිනිසුන් ජීවත් වීම අපි දකිමු. ඔවුන්ට උපකාර කිරීම සහ ඔවුන්ගේ දියුණුවට අපට හැකි අයුරින් දායක වීම උසස් මිත්‍රත්වයේ සලකුණකි.

මිත්‍රත්වය අපගේ ජීවිතයට ධනාත්මක හා ඍණාත්මක බලපෑමක් ඇති කරයි. “යහපත් මිතුරෙකු කස්තුරි වෙළෙන්දෙකු ලෙසත්, නරක මිතුරෙකු යකඩ කම්මලක සේවකයෙකු” ලෙසත් ඉස්ලාමය තුළින් උදාහරණ ගෙන හැර පෙන්වා ඇත.

එබැවින් හොඳ මිතුරන් තෝරා ගැනීම, අල්ලාහ් වෙනුවෙන් ඔවුන්ට ආදරය කිරීම, අපගේ ආදරය ඔවුන්ට ප්‍රකාශ කිරීම, ඔවුන් සමඟ නිරන්තර මිත්‍රත්වය පවත්වා ගැනීම සහ යහපත් දේවලට ඔවුනට සහාය වීම අවශ්‍ය වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් “ජාත්‍යන්තර මිත්‍රත්ව දිනය” ලෙස ජූලි 30 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහිදී ජාතිය, ආගම, සංස්කෘතිය, ජාතීන් අතර මිත්‍රත්වය හා ඒකාග්‍රතාවය ප්‍රගුණ කිරීමට හඳුන්වා දී ඇති බව වටහා ගත යුතුය.

එබැවින් අපි මිත්‍රත්වයේ ගුණ ප්‍රගුණ කර ගනිමින්, අල්ලාහ් අපට යහපත් මිතුරන්ගේ ඇසුර ලබා දෙන මෙන් ප්‍රාර්ථනා කරමු.

 

අෂ්-ෂෙයික් මුෆ්ති එම්.අයි.එම්. රිස්වි

සභාපති,

සමස්ත ලංකා ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

 

අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත්

මහ ලේකම්,

සමස්ත ලංකා ලංකා ජම්ඉයියතුල් උලමා සභාව

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *