ඉන්දීය මහ කොමසාරිස් ගරු. ගෝපාල් බග්ලේ මහතා සමග වූ සුහද හමුව

2021.11.14

ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාවේ නියෝජිත පිරිසක් පසුගිය 2021.11.12 වන දින ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංචාරයක නිරත විය. එහිදී සභාවේ පොදු ලේකම් අෂ්-ෂේක් එම්. අර්කම් නූරාමිත්, උප සභාපතිවරුන්ගෙන් කෙනෙකු වන අෂ්-ෂේක් එස්.එච්. ආදම් බාවා, සහකාර ලේකම්වරුන්ගෙන් කෙනෙකු වන අෂ්-ෂේක් එම්. එස්.එම් තාසීම් සහ සමාජ සේවා අංශයේ ලේකම් අෂ්-ෂේක් කේ.එම්. මුක්සිත් අහමද් යන පිරිස ජම්ඉයියාව වෙනුවෙන් සහභාගී වූහ. ඉන්දියාව සමඟ සබඳතාව සහ අධ්‍යාපනය සහ අන්තර් වාර්ගික සහජීවනය ගොඩනැගීම වැනි ගැටළු සම්බන්ධයෙන් අනාගත ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව එහිදී සාකච්ඡා කරන ලදී.

e.

මාධ්‍ය අංශය

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *