කින්නියා කුරින්ජාන්කේනි ප්‍රදේශයේ සිදු වූ පාරු අනතුර සම්බන්ධවයි

ACJU/NGS/2021/261

2021.11.23

අද දින (23.11.2021) කින්නියා කුරින්ජාන්කේනි ප්‍රදේශයේ පාරු අනතුරින් මිය ගිය උදවියට අල්ලාහ් තආලා ෂහීද් නම් වූ භාග්‍යය ලබා දී උසස් වූ ස්වර්ගය ලබා දීමටත්, රෝහලේ ප්‍රතිකාර ලබන පිරිස හට ඉක්මන් සුවය ලැබීමටත් අප ප්‍රාර්ථනා කරමු.

අල්ලාහ් ඔවුන්ගේ පවුලේ උදවිය සහ ඥාතීන්ට සැනසීම සහ මානසික ධෛර්යය ලබා දෙත්වා යැයිද ප්‍රාර්ථනා කරන්නෙමු.

විපතට පත්වූවන්ට සහන සැලසීමට සහ මෙම ගැටලුවට කඩිනම් විසඳුමක් ලබාදීමට නිසි පියවර ගන්නා ලෙස සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

 

අෂ්-ෂේක් අර්කම් නූරාමිත්
මහලේකම්
සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව

Related Posts

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *