ලෝක මුස්ලිම් ලීගය සහ මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයාගේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ විධිවිධාන යටතේ, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ 2022.06.30 දින පැවැත් වූ මුස්ලිම් ආගමික විද්වත් සමුළුව -2022

රාබිතතුල් ආලමුල් ඉස්ලාමි (ලෝක මුස්ලිම් ලීගය) සහ මැලේසියාවේ අග්‍රාමාත්‍යවරයාගේ ආගමික කටයුතු අමාත්‍යාංශයේ විධිවිධාන යටතේ, දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මුස්ලිම් ආගමික විද්වත් සමුළුව 2022.06.30 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ දී පැවැත්විණි. මෙහිදී සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සභාව නියෝජනය කරමින් මහලේකම් – අෂ්ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා හා සහකාර ලේකම් – අෂ්ෂෙයික් එම්.එස්.එම්. තාසීම් තුමා සහභාගී වූ අතර මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එහි අධ්‍යක්ෂ ඉබ්‍රාහිම් අන්සාර් මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ නිළධාරින් රැසක් ද සහභාගී වී සිටියහ.

ඔවුන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තම අදහස් ඉදිරිපත් කළ අතර ආගමික විද්වතුන් අතර එකමුතුකමේ වැදගත්කම පැහැදිලි කළහ. මෙහිදී ඔවුන් ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ ප්‍රමුඛ පෙළේ ආගමික විද්වතුන් රැසක් හමු වූ අතර මැලේසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද හමුවී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. එසේම, අප සභාවේ ගරු මහලේකම් සහ සහකාරලේකම් තුමා මැලේසියාවේ අගමැති ගරු යාකූබ් සබ්රි තුමන් සහ ලෝක මුස්ලිම් ලීගයයෙහි මහලේකම් ආචාර්ය මුහම්මද් බින් අබ්දුල් කරීම් අල්-ඊසා තුමන් හමුවීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

gg
vc
fd
tfg

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *