ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති තුමා සහභාගී වී ‘විවිධත්වයේ එකමුතුකම’ මැයෙන් දේශනයක් ද පැවැත්වීය

2024.05.08 දින ලෝක මුස්ලිම් ලීගය විසින් සංවිධානය කරන ලද ආසියානු ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ සමුළුවට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා සහභාගී වී “විවිධත්වයේ එකමුතුකම” මැයෙන් දේශනයක් පැවැත්වීය.

ලෝක සාමය, සමාජ ඒකාග්‍රතාව, මත ගැටුම් සම්බන්ධ කරුණු අවබෝධ කර ගැනීම සහ රිස්සීමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව අවධානය යොමු කරන ලෙස එතුමා සිය දේශනයේදී විද්වතුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

තවද සහජීවනයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට සෑම ජන කොටසක් ම ඉදිරිපත් විය යුතු යැයි ද ඉල්ලා සිටියේ ය.
මෙම සමුළුවට මැලේසියාවේ අතිගරු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය අහ්මද් ෂාහිද් බින් හාමිදී තුමා, මැලේසියානු සංස්කෘතික අමාත්‍ය ආචාර්ය හාජ් මුහද් නයීම් බින් හාජ් මුක්තාර් තුමා සහ ලෝක මුස්ලිම් ලීගයේ මහලේකම් ආචාර්ය මුහම්මද් බින් අබ්දුල් කරීම් අල්-ඊසා තුමා යන මහත්වරු ද සහභාගී වූහ.

මෙහිදී සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ‘මන්හජ්’ (ආගමික කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් සඳහා වන ස්ථාවරයන් සහ මාර්ගෝපදේශයන්) ග්‍රන්ථයේ පිටපත්, ඉහත නායකයින් වෙත පිළිගන්වන ලදී.

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *