ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගරු අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ප්‍රධාන කාර්යාලයට පැමිණියහ

2024.08.21 දින, ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගරු අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ප්‍රභූවරුන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ විධායක විද්වතුන් බැහැදැකීමට පැමිණියහ.

එම පාර්ශ්වයෙන් කළ ඉල්ලීම මත එම හමුව සඳහා කාලය වෙන් කර දෙන ලදී.

මෙම රැස්වීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් අප සභාපති, මහලේකම්, භාණ්ඩාගාරික, උප සභාපතිවරු, සහකාර ලේකම්වරු, විධායක කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.

ජාතික ජන බලවේගය පක්ෂය වෙනුවෙන් එහි නායක ගරු අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් යන මහත්වරු හා ඇතැම් ප්‍රභූවරුන් ද එක්ව සිටියහ.

මෙම හමුවේදී, අප සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි තුමා සහ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නුරාමිත් තුමා අප සභාව හා සේවාවන් පිළිබඳ ව පැහැදිලි කළ අතර, අප සභාව නිර්පාක්ෂික ලෙස ආගමික සීමාව තුළ සමස්ත ජනතාවට සමගියෙන්, සහජීවනයෙන් හා අවබෝධයෙන් ජීවත්වීමට නිරන්තරයෙන් මගපෙන්වීම් ලබා දෙන සභාවක් බව ද පැහැදිලි කළේය. තවද ඡන්දය ප්‍රකාශ කිරීම වරප්‍රසාදයකි; මෙම කාරණයේදී ඡන්ද අපේක්ෂකයා සහ ඡන්ද දායකයා ඉතා සැලකිල්ලෙන් සහ වගකීමෙන් කටයුතු කිරීමට බැඳී සිටිය යුතු බවද එම ප්‍රකාශයේදී සිහිපත් කළේය.

ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සිය සාකච්ඡාවේදී පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්ති පැහැදිලි කළ අතර තම පක්ෂය පිළිබඳව පැහැදීමක් අවශ්‍ය අයට එහි අතීත ක්‍රියාකාරකම් තුළින් අවබෝධ කර හැකි බව ද සිහිපත් කළේය.

හමුව අවසානයේදී, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙන් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තන සහ අනෙකුත් ප්‍රකාශන ප්‍රදානය කිරීම ද සිදු විය.
ff
hh
tt
ee

 

Related Posts

මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීමට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව බාධා කරන බවට හිටපු අමාත්‍ය අලි සබ්රි මහතා කළ ප්‍රකාශය සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව දැඩි ලෙස හෙළා දකී

Leave a Comment

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *