2025 ජනවාරි 1 වන දින, මුස්ලිම් ආගමික නායකයෙකු වශයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවෙහි මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා, රජය විසින් උත්සවාකාරයෙන් දියත් කරන ලද ‘Clean Sri Lanka’ ජාතික වැඩසටහනට විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගී වූහ. ඉහත තේමාව යටතේ රජය විසින් මෙහෙයවනු ලබන මෙම මුලපිරීම ජාතිය පුරා පාරිසරික, සමාජීය සහ සදාචාරාත්මක නංවාලීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරයි.
අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති මෙම උත්සවයට දේශපාලන නායකයින්, ආගමික නායකයින් සහ දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්ෂේත්‍රවල ප්‍රවීණයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.
ආගමික ආයතන, රාජ්‍ය සංවිධාන, පෞද්ගලික ආයතන සහ පුද්ගලයන් ඇතුළු සියලු පුරවැසියන්ගෙන් මෙම ජාතික ප්‍රයත්නය සඳහා සහයෝගය සහ සහයෝගීතාව ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපතිතුමා ‘Clean Sri Lanka’ වැඩසටහනේ වැදගත්කම සිය දේශනයේ දී අවධාරණය කළේය.
පරිසර පවිත්‍රතාව ඉහළ නැංවීම පමණක් නොව සෑම අංශයකින්ම සමාජීය හා සදාචාරාත්මක වටිනාකම් පෝෂණය කිරීමේ උදාර අරමුණ පෙරදැරි කරගෙන මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ රට යහපත් සහ සමෘද්ධිමත් ජාතියක් බවට පත්කිරීමේ අවසාන අරමුණ පෙරදැරි කරගෙන වීම විශේෂත්වයකි.
– ACJU Media –