2025.01.10 දින, සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාවේ ගරු විධායක කමිටු විද්වතුන් හා විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මැති තුමාණන් සමග සිය අමාත්‍යාංශ පරිශ්‍රයේදී විශේෂ හමුවක් පැවැත්වීය.
සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව වෙනුවෙන් එහි මහලේකම්, සහකාර ලේකම්, අංශභාර ලේකම්වරු ඇතුළු විධායක කමිටු සාමාජිකයින් කිහිපයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා විසින් අප සභාව පිළිබඳව හැඳින්වීමක් සිදු කළ අතර අප සභාව සියලු ශ්‍රී ලාංකිකයින්ට සෑම විටම සමගියෙන් සහ සහජීවනයෙන් ජීවත්වීමට මගපෙන්වන බවද පැහැදිලි කළහ.
පසුව මෙහිදී මෙරට මුස්ලිම්වරුන්ගේ ආගමික සංස්කෘතික හා මානව අයිතීන් පිළිබඳවත්, අප සභාව විසින් මෙතෙක් ජාතික මට්ටමින් සිදුකරමින් සිටියා වූ වැඩ කටයුතු පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වුණි.
මෙහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ගරු විජිත හේරත් මහතා විසින් මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් තමන්ගේ වපසරිය තුළ ආගමික භේදයකින් තොරව අවශ්‍ය පහසුකම් සළසා දීමට අදාළ නිළධාරීන් දැනුවත් කරන බවද පවසා සිටියහ.
හමුව අවසානයේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව මගින් ප්‍රකාශයට පත් කරන ලද අල්-කුර්ආනයේ සිංහල පරිවර්තනය සහ තවත් ප්‍රකාශන කිහිපයක් ද පිළිගන්වන ලදී.
මෙම අවස්ථාවට අප සභාව නියෝජනය කරමින් අෂ්-ෂෙයික් එම්. අර්කම් නූරාමිත් තුමා (මහලේකම්), අෂ්-ෂෙයික් එම්.එස්.එම්. තාසීම් තුමා (සහකාර ලේකම්), අෂ්-ෂෙයික් එම්. ෆාසිල් ෆාරෑක් තුමා (අංශභාර ලේකම්), අෂ්-ෂෙයික් එම්. රිෆා හසන් තුමා (අංශභාර ලේකම්) හා අෂ්-ෂෙයික් ටී. නූමාන් ඔමාර් තුමා (ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරී) යන විද්වතුන් සහභාගී වීම විශේෂත්වයකි.
– ACJU Media –